සිංහරාජ වැසිවනාන්තරය ආශ්රිත පර්යේෂණ අවස්ථා
ඔබ පර්යේෂණ පැවැත්වීමට අවස්ථාවක් සොයන පාරිසරික විද්යාව, ජීව විද්යාව,
සත්ත්ව විද්යාව හෝ ඒ හා සබැඳි වෙනත් විෂයයක් හදාරන විශ්වවිද්යාල ශිෂ්යයෙක්ද?
උතුරු සිංහරාජ මායිම් ප්රේරණ කලාපයේ (Buffer Zone) මිරිදිය පාරිසරික පද්ධති පිළිබඳ ක්ෂේත්ර අධ්යයන සිදු කිරීමට අප සංවිධානය විසින් ශිෂ්යයන්ට සහ පර්යේෂකයන්ට අවස්ථාව දීමට සැලසුම් කර ඇත.
ආවේණික වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මිරිදිය මත්ස්යයන් හා ජලජ අපෘෂ්ඨවංශීන් හඳුනා ගැනීම, දියපාරවල් ආශ්රිත පරිසර විද්යාව, ජීව විශේෂ ව්යාප්තිය සහ අවට ඉඩම් අවභාවිතය මගින් මිරිදිය ජීවීන්ගේ වාසස්ථානවලට සිදුවන බලපෑම අධ්යයනය කිරීම යන ක්ෂේත්ර කෙරෙහි මෙම පර්යේෂණ යොමු විය හැකිය.
පර්යේෂකයන්ට වැද්දාගල පිහිටි අපගේ "වැසිවනාන්තර සංරක්ෂණ හා අධ්යාපන මධ්යස්ථානයේ" හි නොමිලේ නවාතැන් පහසුකම් ලැබේ. එය සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයේ ප්රධාන ඇතුළුවීමේ දොරටුවට කිලෝමීටර් 6 ක දුරින් පිහිටා ඇති අතර සිංහරාජ වනාන්තරය අවට ක්ෂේත්ර රාජකාරි සහ පාරිසරික පර්යේෂණ සිදු කිරීමට පහසු මධ්යස්ථානයක් වේ.
මීට අමතරව, මිරිදිය දියපාරවල් සහිත සහ ගංගාවලට මායිම් වූ අප සංවිධානය සතු අක්කර 30 කට වැඩි වනාන්තර භූමි ප්රමාණයකට ප්රවේශ වීමේ අවස්ථාවද පර්යේෂකයන්ට හිමිවේ.
ඔබගේ පර්යේෂණය මගින් ප්රදේශයේ මිරිදිය ජෛව විවිධත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට දායක විය හැකි අතරම, වැසි වනාන්තර, දියපාරවල් සහ වැදගත් වනජීවී වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා අප සිදුකරන නිරන්තර ප්රයත්නයන්ටද රුකුලක් වනු ඇත.
ඔබගේ පර්යේෂණ යෝජනාවලි, කාලසීමාව සහ ක්ෂේත්ර නිරීක්ෂණ අවශ්යතා පිළිබඳව සාකච්ඡා කිරීමට Rainforest Protectors Trust ආයතනය අමතන්න (විද්යුත් තැපෑල: RainforestProtectorsTrust@gmail.com
හෝ WhatsApp: +94 717187677). පර්යේෂණ ස්ථාන අතර ගමන් බිමන් සඳහා ඔබට ප්රවාහන මාධ්යයක් (යතුරු පැදියක් වඩාත් සුදුසුයි) තිබිය යුතුය. ආහාර සහ අනෙකුත් වියදම් පියවා ගැනීම සඳහා දීමනාවක් (Stipend) ලබා දෙනු ඇත.

