සිංහල

සමාප්ත ව්‍යාපෘති - සිංහරාජ වැසිවනාන්තරයට යාබදව අක්කර 10ක සංරක්ෂිත වනාන්තරයක් ස්ථාපිත කිරීම

"වැසිවනාන්තර සුරකින්නෝ භාරය" විසින් ජනවාරි 6, 2022 දින සිංහරාජයට යාබදව පෞද්ගලික අයිතිය යටතේ තිබූ තවත් අක්කර 10ක ප්‍රාථමීක වනාන්තර භූමියක් සංරක්ෂණය කරන ලදි. සිංහරාජ වැසි වනාන්තරයට සංරක්ෂිත ප්‍රේරණ කලාපයක් සෑදීමේ අරමුණින් මෙලෙස අප විසින් සංරක්ෂණය කර ඇති පෙර පෞද්ගලික අයිති යටතේ තිබූ මුලු වනාන්තර ප්‍රමාණය දැනට අක්කර 24කි. මෙලෙස සංරක්ෂිත ප්‍රේරණ කලාපයක් තැනීම මගින් සිංහරාජ ලෝක උරුම වැසිවනාන්තරය අනවසරයෙන් අල්ලා ගැනීම සහ නීති විරෝධී ක්‍රියා අවම කිරීමට හැකි වනු ඇත. තවද දශක ගණනාවක් තිස්සේ සිදුවී ඇති වනනාශනය හේතුවෙන් සිංහරාජයෙන් වෙන්වී ඇති නමුත් ඉන් තවමත් පෝෂණය වන කුඩව ගඟ යලි සිංහරාජ වැසිවනාන්තරයට අනුයුක්ත කිරිමත් අපගේ බලාපොරොත්තුවයි. පෞද්ගලික අයිතිය යටතේ පැවති විනාශ වී යාමේ අවධානමට ලක්වූ මෙම අක්කර 10ක ප්‍රාථමීක වනාන්තර භූමිය "වැසිවනාන්තර සුරකින්නෝ භාරය" යටතේ පවරාගෙන දීර්ඝකාලීනව සංරක්ෂණය කිරීමට අරමුදල් දුන් සියලු දෙනාට ස්තූතිවන්ත වන අතර ඉදිරියේදී සිංහරාජය සංරක්ෂණය කිරීම සඳහා අප හා එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.