සිංහල

යකඩ මරං

විද්‍යාත්මක නම: Syzygium zeylanicum
පවුල: Myrtaceae
සම්භවය: ශ්‍රී ලංකාව , දකුණු ආසියාව, අග්නිදිග ආසියාව

පෙනුම සහ ලක්ෂණ
  • "මිටේසියේ" (Myrtaceae) කුලයට අයත් මෙම ශාකය, නමට වගේම යකඩ මෙන් ශක්තිමත් දැවයකින් යුක්තයි.
  • මීටර් 10-20 පමණ උසට වැඩෙන සදාහරිත ගසකි. ඕනෑම කටුක පාංශු ව්‍යුහයක් යටතේ සාරෙට වැඩෙන හරි අපූරු ගසක්.
ගෙඩි සහ භාවිතයන්
  • සුදු පැහැති රේණු බහුල, පුළුන් රොදක් වැනි අලංකාර මල් හටගන්නා අතර, කුරුල්ලන් ආහාරයට ගන්නා පැණිරස සුදු පැහැති ගෙඩි මෙහි හටගනී.
  • අතීතයේ සබරගමුවේ උග්ගල් අලුත් නුවර ජනතාව යපස් උණු කිරීමට යොදාගත්තේ යකඩමරං අඟුරුයි. සාමාන්‍ය මැටි මුට්ටි පවා පුපුරා යන තරම් දැවැන්ත තාපයක් මේ දරවල තිබේ. එය අපේ දේශීය යකඩ තාක්ෂණයේ මූලික ඉන්ධනය විය.
පාරිසරික වැදගත්කම
  • දිය උල්පත් බහුල, පස් තට්ටු ලිස්සා යන කඳුකර බෑවුම්වල යකඩමරං හිටුවීමෙන් නායයෑම් සාර්ථකව පාලනය කළ හැක.
  • පොළොවට කා වදින සවිමත් මුල් මඟින් කඳු බෑවුම්වල පස තදින් අල්ලා ගනී.
  • අධික සුළඟට, තද වැස්සට හෝ අව්වට නොසැලී මුහුණ දීමේ සුවිශේෂී ගුණය මේ ශාකය සතුයි.
  • ​අපේ වටිනා යකඩමරං ගස් කපා විනාශ කර ඒ වෙනුවට කඳුකරයට නොගැලපෙන ෆයිනස් සහ යුකැලිප්ටස් වැනි ශාක හඳුන්වා දීම අද සිදුවන නායයෑම් රැල්ලට ප්‍රධාන හේතුවකි.