වල් දෙල් / බැදි දෙල්
විද්යාත්මක නම: Artocarpus nobilis
පවුල: Moraceae
සම්භවය: ශ්රී ලංකාවට ආවේණික
පෙනුම සහ ලක්ෂණ
පවුල: Moraceae
සම්භවය: ශ්රී ලංකාවට ආවේණික
පෙනුම සහ ලක්ෂණ
- වල් දෙල් ගස මීටර් 15 සිට 25 දක්වා උසට වැඩෙන විශාල සදාහරිත වෘක්ෂයකි. එහි කොළ ඝන, තද කොළ පැහැයෙන් යුක්ත වන අතර, ගස සම්පූර්ණයෙන්ම සශ්රීක පෙනුමක් ලබා දෙයි.
- ගාල්ලට මාතරට රත්නපුරයට යාවෙලා ගියපු සිංහරාජයේ සොඳුරුතම දියදහරා අසල වගේම කන්නෙලිය වන ලැහැබ අස්සෙ අපූරුවට වැවී තියනවා.
- වසරේ මාර්තු සමයේ මල් හටගැනීම දැකිය හැකිය. මැයි , ජුනි , ජූලි මාස වල ඵල නෙලාගැනීමට හැකිය.
- වල් දෙල් ගෙඩි සාමාන්ය දෙල් ගෙඩියට වඩා කුඩා වන අතර, පිටත මතුපිට ගැටිති සහිත වේ. ඉදුණු ගෙඩි කහ පැහැයට හැරෙන අතර, වන සතුන්ගේ ප්රියතම ආහාරයකි. විශේෂයෙන් වඳුරන්, ලේනුන් සහ ඇතැම් පක්ෂීන් මෙම ගෙඩි ආහාරයට ගනී.
- බැදි දෙල් ඉදුණු ගෙඩි ඉමිහිරි පළතුරක් ලෙසට කෑමට ගැනීමට සුදුසුයි. වල්දෙල් ගෙඩි ව්යංජන , මැල්ලුම් , තෙල් දැමීම් ආදී වශයෙන් ක්රම රාශියකට පැරණි ගැමියෝ ආහාරයට යොදා ගනියි. ගෙඩිවල ඇති මදුලු සහ ඇට එකට තම්බා කෑමට ගනිති. වල් දෙල් ඉතා රසවත් මෙන්ම ඖෂධීය කෑමකි.
- ඖෂධීය වශයෙන් වල් දෙල් භාවිතා කරනුයේ චිරාත්කාලයක සිටය. ඔසු පිනිස භාවිතා කළ හැකි කොටස් අතර ගෙඩි , පොතු , ඇට තුල ඇති තෛලය , මුල් , කිරි ප්රධාන වෙයි. වල් දෙල් වල ගුණ කර්ම වශයෙන් දැක්වෙන්නේ ඇට හා ඵලයේ රසය - මධුර , කසට වශයෙනි.
- ශ්වසනය පහසු කරමින් ඇදුම පාලනය කරන්නට බැදිදෙල් කෑම සුදුසුය. පණු රෝග සමනයටත් ගුණදායකයි.
- ඇටවලින් සිඳින තෙල් , වාත රෝග පාලනයට මෙන්ම විසර ගෙඩි විසප්පු සුව කිරීමටත් උපකාරි වෙයි.
- ශාකයේ කිරි ගුල්ම හා පණුරෝග සුවයටද යොදාගනියි.
- වල් දෙල් යනු ශ්රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කරන ප්රධාන ශාක විශේෂයකි. එහි ගෙඩි සහ කොළ මගින් වන සතුන්ගේ ආහාර දාමය පවත්වාගෙන යාමට දායක වේ. එමෙන්ම වනාන්තරයේ පස ආරක්ෂා කිරීම සහ ජල සංරක්ෂණයටද උපකාරී වේ.
- වනාන්තර විනාශය සහ මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් වල් දෙල් ගස් සංඛ්යාව ඇතැම් ප්රදේශවල අඩුවෙමින් පවතී. එබැවින් මෙම දේශීය වටිනා ශාකය ආරක්ෂා කිරීම අපගේ වගකීමකි.

