හල්
විද්යාත්මක නම: Vateria copallifera
පවුල: Dipterocarpaceae
සම්භවය: ශ්රී ලංකාවට ආවේණික
පෙනුම සහ ලක්ෂණ
පවුල: Dipterocarpaceae
සම්භවය: ශ්රී ලංකාවට ආවේණික
පෙනුම සහ ලක්ෂණ
- හල් යනු, පහතරට තෙත් කලාපීය වනාන්තර වලට තේජස ගෙන ආ දැවැන්ත වෘක්ෂ රාජයෙකි. ප්රධාන වියන් ස්ථරය හැඩ කරනා හල් ගස ද ඩිප්ටෙරොකාපසියේ ( Dipterocarpaseae ) හෙවත් හොර කුලයට අයත් ගසකි.
- අඩි 50 - 100ක් පමණ උසට වැඩෙන හල් ශාකය මනාව අතු පතර වැඩෙමින් ඉහලට වර්ධනය වී රූස්ස ගස් බවට පත් වෙයි.
- අලංකාර සුදු පැහැ මල් දරන මෙම ශාකයේ මල් පිපීම අප්රියෙල් , මැයි / ජූනි මාසවල දැකිය හැකිය.
- තරමක් දිගැටි විශාල දුඹුරු පැහැයෙන් හටගන්නා හල් ගෙඩි ඔක්තෝබර් සිට ජනවාරි අතර කාලවල හටගනියි.
- පැරන්නෝ බහුලව ආහාරයට ගත් මෙම හල් ගුණාත්මක ආහාරයකි. දියවැඩියාව හා කොලෙස්ටරෝල් රෝගින්ට මෙම ගෙඩි වලින් ගන්නා පිටි තම ආහාරයට එක් කරගැනිම හිතකරය.
- ප්රාදේශීය වශයෙන් හල් පිටි වලින් කෑම වර්ග රාශියක් සාදනු ලබන අතර ඉන් හල් ගුටි , හල් පිට්ටු , හල් රොටී , හල් හැලප , හල් පුඩිම් , හල් කැද , හල් වන්ඩු , ආදිය ප්රධාන වෙයි. තවත් නොයෙක් ආකාරයේ මෙවැනි කෑම වර්ග ගැමියන් විසින් සාදන අතර හල් භාවිත කරමින් හදන ආහාර සදහා සීනි වෙනුවට කිතුල් පැණි යොදා සාදා ගැනීම වඩා රසවත් බව ගැමියන්ගේ අදහසකි.
- මිනිසා ඇතුළු සමස්ථ ජීවයටම ආහාර වාසස්ථාන ඖෂධ පිරිසිදු වාතය ආරක්ෂාව ලබාදෙන ශ්රී ලංකාවට ආවේනික හල් ශාකය වඳවී යාමට ඉඩ නොදී සංරක්ෂණය කරගැනීම කාලීන අවශ්යතාවකි.

