සිංහල

වත රතු මල් කොහා (Phaenicophaeus Pyrrhocephalus)

වත රතු මල් කොහා ඉතා මනරම් පක්ෂියෙකි . මෙම පක්ෂියා තෙත් කලාපයේ ඉතා උස් ශාඛා සහිත වනාන්තරවල දැකගත හැකිය . කුඩා රංචු ලෙස වාසය කිරීමට වඩාත් කැමැති ය. රතු කොහා පලතුරු වර්ග හා කෘමීන් වර්ග ආහාරයට ගනී. ඔබ දනනා පරිදි සාමාන්‍යයෙන් කොහා පරපුටු පක්ෂියෙකි . එනම් අනුන්ගේ කූඩු වල බිත්තර දමයි. නමුත් රතු මල් කොහා මින් වෙනස් වේ. එනම් තමන විසින් සාදා ගන්නා ලද කූඩු වල බිත්තර දැමීම සිදු කරයි. ඡනවාරි හා සැප්තැම්බර් මාස වල බිත්තර දැමීම සිදු කරයි. මුහුණේ ඇති රතු පැහැය හේතුවෙන් මෙම නාමය ලැබී ඇත. පිරිමි හා ගැහැණු සතුන් බාහිර පෙනුමෙන් බොහෝ සෙයින් සමාන වේ. ඇස වටා රතු කවාකාර ලපය වටා සුදු පැහැ ලපයක් දැකිය හැක්කේ ගැහැණු සතුන්ගේ ය. පිරිමි සතාගේ මෙම කලාපය දුබුරු පැහැ වේ. වැඩුණු වත රතු මල් කොහා 45 cm පමණ වේ.වේගයෙන් පියාසර කිරීමට නොහැකි පක්ෂියෙකි . පියාසර කිරීමේදී සිහින් ශබ්දයක් හට ගනී. ඔබට මෙම පක්ෂීන් දැක බලා ගැනීම සදහා සිංහරාජය , කන්නෙලිය හා සමනල කන්ද යන සදාහරිත වනාන්තර යොදා ගත හැකිය .රතු මල් කොහා ලොවෙන්ම මෙරටට තුන්වෙනියට ආවේණික කුරුල්ලාය.

වර්තමානය වනවිට වත රතු මල් කොහාගේ වදවීමේ ප්‍රවණතාව වැඩිවී තිබේ. තේ වගාව ව්‍යාප්ත කිරීම සඳහා වැසි වනාන්තර විනාශ කිරීම, අනවසරයෙන් වැසි වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීම, සිංහරාජය හා අවට වනාන්තර තුල සිදුවන දැව ජාවාරම, පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර සඳහා ප්‍රේරක කලාප විනාශ කිරීම නිසා වත රතු මල් කොහා ඇතුලු ආවේණික ශාඛ හා සත්වයින් රැසක් දැඩි තර්ජනයට ලක්වී ඇත.

මෙවන් අලංකාර වටිනා සම්පත් රැක ගනිමු.

Sri Lanka Red-faced Malkoha