සිංහල

මල්පුළුට්ටා (Malpulutta kretseri)

මල්පුළුට්ටා ශ්‍රී ලංකාවට ඒක දේශික වන ඉතා අලංකාර මත්සයෙකි. මල්පුළුට්ටාගේ වරල් වල පවතින පැහැදිලි නිල් පැහැති මල් වැනි රටාවන් නිසා මොහුගේ අලංකාරය තවත් වැඩිවී ඇත. මල් පුළුට්ටාගෙ විශේෂත්වයක් වන්නෙ අන් මත්සයින් මෙන් ජලයේ ඇති ඔක්ෂිජන් කරමල් තුලින් ලබා නොගෙන ජලය මතුපිටට පැමිණ කටෙන් වාතය ආග්‍රහනය කිරීමය. මොහු සෙන්ටිමීටර 4ක් පමණ උපරිම දිගකට වැඩෙන මුත් බොහෝ මල්පුළුට්ටන් සෙන්ටිමීටර 2ක් පමණ වේ.

අභිජනන සමයේදී මේ මත්සයාගේ විශේෂ හැසිරීම් රටා රාශියක් දැකිය හැකිවේ. මල්පුළුට්ටා කැදලි තැනීම සිදුකරන්නේ දියමත පාවෙන පත්‍ර වල යටි පැත්තේ වායු බුබුලු රැදවීම මගිනි. කැදලි සෑදීම සම්පූරණයෙන්ම පිරිමි මත්සයා විසින් සිදුකරන අතර එම කාලය තුල ගැහැණු මත්සයාට ඒ අසලටවය්හ් පැමිණීමට ඉඩ නොදේ. කැදලි තැනු පසු ගැහැණු මත්සයා ඒ තුළ බිත්තර දමන අතර ඉන් අනතුරුව පිරිමි මත්සයා විසින් ගැහැණු මත්සයාව පහරදී පන්නා දමයි. බිත්තර වලින් පැය 36කට පසු පැටවුන් බිහිවේ. එම පැටවුන් විලෝපිකයින්ගෙන් ආරක්ෂා කිරීම පිරිමි සතා නොපිරිහෙලා ඉටු කරන අතර ජලාශයෙ පතුලට පීනායන පැටවුන් නැවත මුඛය තුළ රදවාගෙන කැදැල්ලට ගෙන ඒමද පිරිමි මත්සයා ඉටුකරයි. පැටවුන් හොදින් වැඩෙන තෙක් පිරිමි සත්වයා විසින් රැකවරණය සලසන අතර විලෝපිකයින්ගෙන් බේරි සිරීමට පැටවුන්ට ගුරුහරුකම් ලබාදීමද සිදුකරයි.

මල්පුළුට්ටා කොළඹ,ගාල්ල,රත්නපුර යන දිස්ත්‍රික්කවල හොදින් සෙවණමයවූ මඩ සහිත පතුලක් ඇති ගලායන දියපහරවල් වලට සීමාවූ මතසයෙක්වේ. මේ වනවිට සිදුවන වනාන්තර එළිපෙහෙලි කිරීම් නිසා මල්පුළුට්ටාගේ පැවැත්මට ඉමහත් තර්ජනයක් එල්ලවී ඇත.

Ornate Paradise Fish (Malpulutta kretseri)