සිංහල

ජොන්ක්ලාස් වැලිගොව්වා / තොල් රතු වැලිගොව්වා (Scicyopua jonklaasi)

ඉතා දුර්ලභ ලංකාවට ආවෙිණික "ජොන්ක්ලාස් වැලිගොව්වා" IUCN රතු දත්ත පොතට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති මත්ස්‍යයෙකි. මෙම මත්ස්‍යයා 4.5 පමණ විශාලව වර්ධනය වන අතර ගල් සහිත වේගයෙන් ගලා යන ජලය ඇති ජලාශ තුල හමුවේ.

මෙම මසුන් තද වර්ෂාකාලය එලඹෙන විට විශාල ගල් කැබලි යට ඇති වැලි, කුහරයක් ලෙස හාරා එය තුල බිත්තර දමයි. කුඩා පැටවුන් මිරිදියෙහි නොවැඩෙන අතර, තද වර්ෂාකාලයේදී කරදියට ගසා ගොස් එහි වර්ධනය වේ. කරදිය බලා ගමන් කිරීමට නොහැකි වූ විට පැටවුන් මිය යයි.

ජොන්ක්ලාස් වැලිගොව්වන් ජීවත් වන ජල පද්ධති හරස් කර කුඩා ජල විදුලි බලාගාර විශාල ගණනක් ඉදිකිරීම හේතුවෙන් මෙම කරදිය-මිරිදිය පරිසර පද්ධති දෙක තුල ගමන් කිරීමට නොහැකි වීමෙන් වඳවී යාමට දැඩිලෙස මුහුන පා ඇත.

Lipstick Goby (Scicyopua jonklaasi)