සිංහල

හල්මල් දණ්ඩියා (Rasboroides vaterifloris)

හල්මල් දණ්ඩියා ශ්‍රී ලංකාවට ආවේණික IUCN රතු දත්ත පොතට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති දැකුම්කලු මත්ස්‍යයෙකි. මෙම මත්ස්‍යයා 4 cm පමණ විශාලව වර්ධනය වේ. පතුලෙහි වැලි සහිත සෙමෙන් ගලා බසින සෙවණ ඇති කුඩා දිය දහරාවල ජල පෘෂ්ඨයට ආසන්නව හල්මල් දණ්ඩින් රංචු වශයෙන් සැරිසරනු දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ වෙසෙන මත්ස්‍ය වි‍ශේෂ අතරින් වැඩිම වර්ණ විවිධත්වයක් ඇති මත්ස්‍යයා වශයෙන් හල්මල් දණ්ඩියා ඉදිරියෙන් සිටී.

හලමල් දණ්ඩියා ස්වභාවික පරිසරයේදී කුඩා කෘමීන් වර්ග හා දිරාපත් වන කාබනික ද්‍රව්‍ය ආහාරයට ගනී. පිරිමි මත්ස්‍යයින් ගැහැණු මත්ස්‍යයින්ට සාපේක්ෂව වර්ණවත් බවෙන් වැඩි අතර, ප්‍රමණයෙන් කුඩාය. දිය සෙවල සහිත ශාක අතර බිත්තර හෙලීම සිදු කරයි. පැටවුන් ජලයේ වූ ගති ගුණ වලට ඉතා සංවේදී වන අතර ජලයේ ගති වන වෙනස් වීම මගින් මොවුන් ක්ෂනිකව මිය යාම සිදුවේ.

වැලිගොඩ දැමීම , කෘෂිරසායනයන් ජලයට එක්වීම , ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන අවිධිමත් ඉදිකිරීම් කටයුතු , පාරිසරික සමතුලිතතාවය බිද වැටීම හා ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය ජලයට එක්වීම නිසා වදවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති මාළු විශේෂයකි . මෙම මසුන් රැක ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම අප සැමගේ වගකීමකි.

Golden Rasbora (Rasboroides vaterifloris)