වලි කුකුළා (Gallus lafayetii)
වලි කුකුළා ලංකාවට ආවේණික ඒක දේශික පක්ෂියෙකි. මේ අලංකාර පක්ෂියා ශ්‍රී ලංකාවේ සෑම කලාපයකම දැකිය හැකි බවට කුරුළු ව්‍යාප්ති සටහන්වල තිබුණද
වර්තමානයේ එම තත්ත්වය වෙනෙස්වී ඇත. ඉතා කලාතුරකින් ගම්බද ප්‍රදේශවලදී වලි කුකුළන් දැකිය හැකි අතර ආරක්ෂිත වනපෙත්වලදී ද ඉතාමත් අමාරුවෙන් දැක ගැනීමේ හැකියාවක් තිබේ.
වලි කුකුළා ප්‍රමාණයෙන් ගම් කුකුළාට වඩා කුඩාය. මනාව වැඩුණු උගේ පෙඳය සමඟ උගේ ප්‍රමාණය අඟල් 27 – 30 අතරය. වලි කිකිළිය අඟල් 13 – 16 අතරය. වලි කුකුළාගේ බර කිලෝ ග්‍රෑමයක් පමණය.
උන් එළිමහන් ප්‍රදේශවල විසීමට ප්‍රිය කරයි. වලි කුකුළාට වෙනත් පක්ෂීන්ට මෙන් ඈත පියාසර කිරීමේ හැකියාව ඇත.
මේ පක්ෂියාට සිත් ගන්නා සුළු වර්ණ සංයෝජනයක් ඇත. රන්වන් පාටට හුරු රතක්ද තද නිල් පැහැති පෙඳයකින්ද යුක්තය. උගේ කරමලය තනි රතු වන අතර එහි කහ පැහැති ලපයක් දක්නට ඇත. වලි කිකිළිය අලංකාර නැත. කළු හෝ දුඹුරු වර්ණයෙන් යුක්තය. වලි කිකිළිය පඳුරක් හෝ ගසක් යට පහුරු ගා සාදාගන්නා ස්ථානයක බිජු දමයි. සාමාන්‍යයෙන් වසර පුරා බිජු දැමුවද මාර්තු, ජුනි මාසවලදී බිජු දැමීමේ ප්‍රවණතාව වැඩිය. වරකට බිජු දෙකේ සිට හතර දක්වා දමන අතර ඒවා වර්ණයෙන් කහ පැහැතිය. එසේම රතට හුරු දුඹුරු පැහැයක් ගනී. මොවුන් ආහාර සොයාගන්නේ බිම පහුරු ගෑමෙනි. කුඩා කෘමීන්, පණුවන්, පිලවුන් සේම වලි කුකුළන් ගස්වල ඇටවර්ග, ධාන්‍ය හා පලතුරු ද ආහාරයට ගනී.
වලි කුකුළාගේ නාදය සංගීතමය නාදයකි. තමන් ලැඟ සිටින අත්ත දිගේ දෙපසට ගමන් කොට කිහිපවිටක්ම හැඬලීම සිදු කරයි. මෙය උගේ දිනචාර්යාවේ කොටසකි. එසේම ප්‍රථම අංගයද වේ. උදෑසන ආහාර සොයා යන වළිකුකුළා රාත්‍රී කාලය උදාවෙත්ම ගස් මුදුනක නවාතැන් ගනී. මේ පක්ෂියා හිරු උදාවත් සමඟ සේම හිරු බැස ගොස් පැයක් පමණ වනතුරුත් හඬලයි. වෙනත් පක්ෂීන්ට මෙන් ඌට වැඩිදුර පියාඹා යා නොහැක. රංචු ගැසීම, සමඟිය, අන්‍යෝන්‍ය සහයෝගය වලි කුකුළාගේ ජීවන පුරුද්දකි. මිනිසකු හෝ සතුරකු දුටුවිට අන් අයට සංඥාකර තම වර්ගයා රැකගැනීම වලි කුකුළාගේ උතුම් ගුණාංගයක් වේ. වළි කුකුළා සටන්කාමී පක්ෂියෙකි. සතුරා හා සටනට යෑම ඌ තුළ අපූරු එඩිතර බව කියාපායි. තම පොර කටු පහරින් සතුරා පරාජය වී ලේ ගලන විට මේ පක්ෂියාගේ කෝපය සංසිඳෙනු ඇත.
මෙරට ජාතික පක්ෂියා ලෙස වලි කුකුළා තෝරා ගැනීමට හේතු වීමට උගේ මේ සටන්කාමී බවද එක් සාධකයකි. ඉතා අලංකාරවත් වර්ණ කිහිපයකින් සැදුණු පිහාටු සහිත දැකුම්කලු සතකු වීමත්, මෙරටට පමණක් ආවේණික දේශීය පක්ෂියකු වීමත්, එඩිතර සටන්කාමී කඩිසර වීමත් අරුණෝදය හෙවත් ආලෝකය එළඹෙන බව කියාපාන දූතයකු වීමත් මේ සඳහා බලපෑ අනෙකුත් දෑය. 1937 වසරේදී සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පනත 1970 වසරේදී සංශෝධනය කර ශ්‍රී ලංකාවේ පක්ෂීන් මැරීම, තුවාල කිරීම, කූඩු කිරීම, නීතියෙන් තහනම් කර ඇත. එහෙත් එය වරදක් වුවත් ඇතැම් ප්‍රදේශවල වලි කුකුළා දඩයම්කරන අතර මේ පක්ෂියා විකිණීමේ ජාවාරමක් වශයෙනුත් කූඩුකර විකිණීම කරයි. මෙරට ජාතික පක්ෂියා මෙසේ කිරීමෙන් වඳවී යෑම වළක්වාලිය නොහැකි අතර ඌ රැක බලා ගැනීම ජනතාවගේ එක් යුතුකමකි. එසේ නොවුණු තැන මෙරට අනාගත දරු පරම්පරාවට වලි කුකළාගේ හැඩහුරුව දැකබලා ගැනීමට හැකිවන්නේ, අන්තර්ජාලයෙන් පමණකි.