සිංහල

තල් කොස්සා (Belontia Signata)

තල් කොස්සා ශ්‍රී ලංකාවට ආවේණික ගුරාමි පවුලට අයත් මත්ස්‍යයෙකි. මෙම මත්ස්‍යයා 18 cm පමණ විශාලව වර්ධනය වේ. නමුත් ස්වභාවික පරිසරයේ 4 cm-10 cm පමණ වැඩුණු මසුන් බහුලව හමු වේ. කෘමීන්, කුඩා මත්ස්‍යයින් හා ජලයේ ඇති දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය ආහාරයට ගනී.

පිරිමි මත්ස්‍යයින් විසින් ශාක පත්‍රයක් යට හෝ ගල් පෘෂ්ඨයක් මත හෝ ජල පෘෂ්ඨය මත කුඩා ස්ථීර හැඩයක් නැති පෙණ කූඩුවක් බිත්තර රැඳවීම සඳහා තනනු ලැබේ. පෙණ කූඩුවෙහි බිත්තර රැඳවීමෙන් පසු පළමු දින කිහිපය යන තෙක් පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයාට හෝ වෙනත් මත්ස්‍යයකුට එම පෙණ කූඩුවට ලඟා වීමට ඉඩ නොදී ආරක්ෂා කරයි. බිත්තර දමා දින 2-3 කින් බිත්තර පුපුරා කුඩා පැටවුන් බිහිවේ.

තල් කොස්සන් ජීවත් වන නොගැඹුරු සෙවන සහිත පිරිසිදු ජලය ගලායන ගංගා හා දොළ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරිම සඳහා මෑත කාලයේදී විනාශ වී යාමත් ඒ ආශ්‍රිත වැසිවනාන්තර විනාශ කිරීමත් නිසා වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇත.

Ceylon Combtail (Belontia Signata)