අසෝක පෙතියා / රන් මානිස්සා (Systomas asoka)
අසෝක පෙතියා ශ්‍රී ලංකාවට ආවේණික තවත් අලංකාර මත්ස්‍යයෙකි.
ගල් සහිත ගලා යන දිය පහරවල් වල සහ බොරළු හෝ වැලි උපස්ථර සහිත ජලයේ වාසය කරන මෙම මත්ස්‍යයා කැලණි ගංගාවේ හා එයට
එකතු වන අතු ගංගා ආශ්‍රිතවත් කිතුල්ගල සිට අවිස්සාවේල්ල දක්වා සීතාවක ඔයේදීත් හමුවේ. වේගයෙන් පිහිනීමට සමත්කම් දැක්වීමත් සෙවනැලි රහිත සෘජුව ඉර එලිය වැටෙන ජලයේ ජීවත් වීමත් නිසා ජලය මතුපිටදී පහසුවෙන් හදුනා ගැනීමට අපහසුය.
රන් පැහැයට හුරු අලංකාර කහ පැහැයකින් යුතු ශරීරයකට හිමිකම් කියන මොවුන්ගේ කොරපොතු වල පේලියට කුඩා කළු පැහැති තිත් පිහිටා ඇත.වරල් විනිවිද පෙනෙන කහ පැහැයකින් යුක්තය.
අපර වරලේ පැහැදිලිව දැකිය හැකි කලු පැහැති ලපයක් පිහිටා ඇත. ගැහැණු මත්ස්‍යයා හා පිරිමි මත්සයා හදුනා ගැනීම තරමක් අපහසු වන අතර පිරිමි මත්සයා ගැහැණු මත්ස්‍යයා ට වඩා දීප්තිමත් වර්ණයකින් යුක්තය.
රංචු වශයෙන් සිටීමට ප්‍රියතාවයක් දක්වන මසුන් විශේශයකි. බිත්තර මගින් පැටවුන් බිහි කරනු ලබන අතර ගැහැණු මත්ස්‍යයා විසුරවාහරින ලබන බිත්තර පිරිමි මත්ස්‍යයා විසින් සංසේචනය කරනු ලබයි.
කුඩා පැටවුන් නොගැඹුරු ගලායන ජලයේ ජීවත්වීමට ප්‍රියතාවයක් දක්වන අතර වැඩුණු මත්ස්‍යයින් මීටර 2 - 4 ත් ගැඹුරේ වාසය කිරීමට ප්‍රියතාවයක් දක්වයි.
සෙන්ටිමීටර 17-18 ක් අතර උපරිම වර්ධනයක් පෙන්නුම් කරනු ලබන මසුන් විශේෂයකි .
වැලිගොඩ දැමීම , කෘෂිරසායනයන් ජලයට එක්වීම , ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන අවිධිමත් ඉදිකිරීම් කටයුතු , පාරිසරික සමතුලිතතාවය බිද වැටීම හා ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය ජලයට එක්වීම නිසා වදවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති මාළු විශේෂයකි . මෑත කාලයේ වාර්ථා නොවුනත් වසර කිහිපයකට පෙර විසිතුරු මත්ස්‍යය කර්මාන්තයේදී ලෙස අධික ලෙස වාසස්ථාන වලින් ඉවත්කිරීම නිසා සීඝ්‍රයෙන් ගහණය අඩුවී ඇත. මෙම මසුන් රැක ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම අප සැමගේ වගකීමකි.