සිංහල

ගිරා මලිත්තා (Loriculus beryllinus)

අපේ රටට ආවේණික ඉතා අලංකාර මෙම පක්ශියා කොල පැහැ සහ ලා කොල පැහැ දිලිසෙන පිහාටු වලින් වැසි ශරීරයකට උරැමකම් කියයි. හිස මුදුන දුඹුරැ තැඹිලි පැහැ ගන්නා අතර ගෙල අසල කහ ලා කොල පැහැයක් ගනී..කෙටි පෙන්ඳක් සහ රතු පැහැති වක් වූ හොටක් පිහිටන අතර පිරිමි සතාගේ ගෙල ප්රදේශය නිල් පැහැ පැල්ලමක් දැකියහැක.

පියාසැරීමට විශාල කැමැත්තක් දක්වන මෙම පක්ශියා වනයේ නෙරැ ස්තරය තුල වාසය කරයි. එල්ලී සිටින අයුරින් ගස් වල වසන බැවින් (Hanging parrot) යන නම භාවිතයට පැමිණියේයැයි සිතිය හැක. වන පලතුරැ සහ මල්පැණි සාරය උරා බීමටම සැකසුනු විශේෂ දිවක් පිහිටන අතර කුඩා කෘමි සතුන් ආහාරයට ගනී. පොල් හා කිතුල් රා කර්මාන්තයේදී රා කිතුල් මලේ එල්ලී තෙලිජ්ජ /තෙලිදිය බීමට විශේෂ කැමැත්තක් දක්වන මෙම ජේත්තුකාරයා ගැමියන් අතර පොල් ගිරවා ලෙස හැඳින්වීමට එක් හේතුවකි. ගස් බෙන වල ඉහල වියලි තෘණ වර්ග සහ කොලරොඩු භාවිතා කර කැදැල්ල තනන අතර වරකට බිත්තර 2- 3 පමණ දමයි. කැලෑවේ සිට ගෙවතු වල පලතුරැ ආහාරයට ගැනීමට පැමිණෙන මෙම පක්ශියා නිවෙස් වල ඇති කරනා පූසන්ගේ දඩයමට බොහෝ විට ලක්වේ.. තෙත් හා වියලි කලාපයේ දක්නට ලැබෙන මෙම අලංකාර පක්ශියා වර්තමාණයේ ඉවක් බවක් නොමැතිව සිදුකරන වනාන්තර එලි කිරීම නිසාද විලෝපීකයින් නිසාද දැක ගැනීම දුර්ලභය.

විනාශ වී යමින් පවතින අපගේ වනාන්තර, ගංගා, දොළ හා දිය ඇලි රැක ගැනීමට එකතුවන්න.

Sri Lanka Hanging Parrot (Loriculus beryllinus) Sri Lanka Hanging Parrot (Loriculus beryllinus)