සිංහල

හීත මස්සා (Puntius pleurotania)

හීත මස්සා ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයින් විශේෂයකි. ප්‍රමාණයෙන් 10 පමණ විශාලව වර්ධනය වන නමුදු කලාතුරකින් 15 පමණ විශාලව වර්ධනය වූ අවස්ථා දක්නට ලැබේ.

බොහෝ විට කුඩා රංචු වශයෙන් දක්නට ලැබේ. නිසොල්මන් සෙවන සහිත පිරිසිදු ජලය ආශ්‍රිතව වාසයට ප්‍රිය කරයි. ඇල්ගී වර්ගද, කෘමීන් හා පණුවන් වර්ගද, දිරාපත් වන කාබනික ද්‍රව්‍යයද ආහාරයට ගනී.

හීත මස්සා ජීවත් වන සෙවන සහිත පිරිසිදු ජලය ගලායන ගංගා හා දොළ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරිම සඳහා මෑත කාලයේදී විනාශ වී යාමත් ඒ ආශ්‍රිත වැසිවනාන්තර විනාශ කිරීමත් නිසා වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇත.

Black Lined Barb / Side Striped Barb (Puntius pleurotania)